කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන්.
කරදියනාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිදූ කළ පැමිණිල්ලකට අනුව අද (29) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු එරාවුර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)