15 May 2026

logo

ඉන්ධන මිල සංශෝධනය වෙයි - නව මිල ගණන් මෙන්න



සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අද (09) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදියි.

ඒ අනුව රුපියල් 281ක් ලෙස පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 303ක්.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 329 සිට රුපියල් 353ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182 සිට රුපියල් 13කින් ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.

එහි නව මිල සටහන් වන්නේ  රුපියල් 195ක් ලෙසයි.

ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 340 සිට රුපියල් 25.00කින් ඉහළ දමා තිබෙනවා.

එහි නම මිල රුපියල්  365ක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ රුපියල් 293ක්ව පැවැති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 317ක් දක්වා ඉහළ දමා ඇති බවයි.



(colombotimes.lk)