රුපියල් මිලියන 108ක් වටිනා 'කොකේන්' මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු අද (15) පෙරවරුවේදී කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු එම මත්ද්‍රව්‍ය හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි වියෙහි පසුවන ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එතැන් සිට කටාර් ගුවන් සේවයේ QR 664 දරන ගුවන් යානයෙන් අද (15) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
(colombotimes.lk)
