05 October 2025

logo

බර අඩු කරන, සම පැහැපත් කරන Detox Drinks | Colombo Times BLOG



අපි ඕනේ තරම් Detox drinks දැකලා තියෙනවා. හදලා තියෙනවා. හැබැයි සමහරවිට ඔයා ටික දවසක් බීලා නතර කරන්න ඇති. මොකද ඔයාට ඒකෙන් අවශ්‍ය Result එක ගන්න බැරි වුණා නිසා. අද අපි බලමු ඇත්තටම Result තියෙන Detox drinks කිහිපයක් ගැන. 

 
 
ලෙමන් සහ ඉඟුරු 
 

උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ගෙඩියක භාගයක් ගෙන මිරිකා ගන්න. ඊටපස්සේ ඒකට ඉඟුරු පෙති කිහිපයක් සහ මී පැණි තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න. ඊටපස්සේ මේ හදාගත්ත Detox පානය බොන්න පුළුවන්.

මේක උදේ හිස්බඩ පානය කරන්න ඕනේ. මේ විදිහට බොන එකෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරනවා, ආහාර දිරවීමට උපකාරී වෙනවා. ඒ වගේම ශරීරයේ විෂ ඉවත් කරනවා.

පිපිඤ්ඤා සහ මින්ට්  
 

මුලින්ම වතුර කෝප්පයක් හරි එහෙමත් නැත්නම් වතුර පුරවපු බෝතලයක් හරි ගන්න. ඒකට පිපිඤ්ඤා පෙති කිහිපයක් සහ  මින්ට් කොළ කිහිපයක් දාගන්න. පැය 2කට පස්සේ පෙරලා බීමට ගන්න.

මේ Detox පානය බොන එකෙන් සමේ තෙතමනය ආරක්ෂා කරනවා, සම ප්‍රබෝධමත් කරනවා සහ ඉදිමීම අඩු කරනවා.


ඇපල් සයිඩර් විනාකිරි 
 

උණුසුම් වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් එකතු කරලා මිශ්‍ර කරන්න. රස පොඩ්ඩක් වැඩි කරගන්න මී පැණි සහ ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කරන්න. 

මේකෙන් pH අගය සමතුලිත කරනවා, ආහාර දිරවීමට උපකාරී වෙනවා සහ බර පාලනය කරන්න උදව් වෙනවා.


Green Tea සහ ලෙමන් 
 

Green Tea කෝප්පයක් සකස් කරගෙන එය සිසිල් වීමට මඳ වෙලාවක් තබන්න. ඉන්පසු එයට ලෙමන් පෙත්තක් හරි එහෙමත් නැත්නම් ලෙමන් යුෂ බිංදු කිහිපයක් හරි එකතු කරලා මිශ්‍ර කරලා බොන්න ගන්න පුළුවන්.

මේක බොන්න ඕනේ උදෑසන හිස්බඩ.

Green Tea සහ ලෙමන් පානයේ ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. ඒ නිසා පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න වගේම සමේ සෞඛ්‍යය වැඩි දියුණු කරන්නත් උපකාරී වෙනවා.


ස්ට්‍රෝබෙරි සහ ලෙමන් 
 

වතුර වීදුරුවක් අරගෙන ඒකට පෙති කපාගත් ස්ට්‍රෝබෙරි සහ ලෙමන් එකතු කරන්න. ඊටපස්සේ විනාඩි 30ක් තියන්න ඕනේ. විනාඩි 30න් පස්සේ පෙරලා බොන්න ගන්න. 

ස්ට්‍රෝබෙරි සහ ලෙමන් Detox පානයේ විටමින් C තියෙනවා. එමඟින් ස්වභාවිකව විෂ ඉවත් කරනවා වගේම සම පැහැපත් කරන්නත් උපකාරී වෙනවා.

ඉතින් මේ Detox පානයන්වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් මේ හැම පානයක්ම උදෑසන හිස්බඩ බීමට ගන්න. ඒ වගේම හොඳින් ජලය පානය කිරීම, සමබර ආහාර වේලක් ගැනීම සහ ව්‍යායාම කිරීමත් හොඳින් සිදු කළ යුතුයි.
 

(colombotimes.lk)