ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ බීජිං නුවරට ළඟා වී තිබෙනවා.
ඒ ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ දැඩි අවධානයට ලක් වී ඇති විශේෂ ද්විපාර්ශවික සමුළුවකට සහභාගී වීම සඳහායි.
චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස චීනයට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 15වනදා දක්වා චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතව තිබෙන බවයි.
මෙහිදී දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා, කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර දේශපාලන කරුණු රැසක් පිළිබඳව නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
