ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන ප්‍රජා ශක්ති වැඩසටහනට ඉලංගෙයි තමිල්අරසු පක්ෂය සිය විරෝධය පළ කර තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් සඳහන් කළේ මෙය පක්ෂයක් මූලික කරගෙන සිදු කරන ක්‍රමවේදයක් බවයි.
එය රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක වන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයන් විසින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරමින් එම ආයතනවල කටයුතුවලට බාධා කරන බවයි.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)
