The Sting and Butch Cassidy and the Sundance Kid යන චිත්‍රපටවල චරිත සඳහා ප්‍රසිද්ධ ඇමරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 89 හැවිරිදි වියේ පසු වූ බවයි.
ඇමරිකාවේ යූටා කඳුකරයේ සන්ඩාන්ස් හී පිහිටි ඔහුගේ නිවසේදී අද (16) මියගොස් තිබෙනවා.
වර්ෂ 1980දී ඔහු Ordinary People චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇතුළු ඇකඩමි ඔස්කාර් සම්මානය 04ක් දිනා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහු 2018 වසරේදී රංගන ජිවිතයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.