ඉරානය සමඟ පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීම ඉක්මවා යමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වූ දෙදින නිල සංචාරය නිමා කරමින් බීජිං නුවරින් නික්ම යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානය වහාම එකඟතාවකට පැමිණිය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවලදී මැදපෙරදිග ආරක්ෂාව සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
