මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අත්වල, කකුල්වල හම ගැලවෙනවා කියන එක. ඔයාටත් මේ ප්‍රශ්නේ සමහරවිට ඇති. ඉතින් අද Colombo Times අපි කියනවා අත්වල, කකුල්වල හම ගැලවිලා යන එක සුව කරගන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර කිහිපයක්.
පොල්තෙල් සහ කෝමාරිකා
කරන්න තියෙන්නේ කෝමාරිකා ජෙල් අරගෙන ඒකට පොල්තෙල් මේස හැන්දක් දාලා මිශ්‍ර කරලා රෑට නිදාගන්න කලින් අත්වල සහ කකුල්වල ගාලා උදේට සෝදා හරින එක.
පොල්තෙල්වල ප්‍රතිබැක්ටීරියා නාශක ගුණය තියෙනවා. ඒ වගේම කෝමාරිකාවලට පුළුවන් අපේ සමට හොඳ තෙතමනයක් ලබාදෙන නිසා හම යන එක අඩු කරගන්න පුළුවන්.
මී පැණි
මේක නම් හරිම ලේසියි. කරන්න තියෙන්නේ මී පැණි අරගෙන හම ගිහින් තියෙන තැන්වල මී පැණි Apply කරන එක. ඊටපස්සේ විනාඩි 20කින් සෝදන්න පුළුවන්.
මී පැණි කියන්නේ සමේ තෙතමනය අරක්ෂා කරන, සමට සුවයක් ලබාදෙන ඖෂධයක්.
මී පැණි සහ කිරි
මුලින්ම කිරි කෝප්ප 1ක් රත් කරගන්න. ඊටපස්සේ ඒකට මී පැණි කෝප්ප ½ දාලා මිශ්‍ර කරන්න. රස්නේ අඩු වුණාට පස්සේ අත්වල සහ කකුල්වල Apply කරලා විනාඩි 20කින් පස්සේ සෝදා හරින්න.
මේක ඔයාගේ සම සුව වෙනකන් දිනපතා කරන්න පුළුවන් සත්කාරයක්.
කෙසෙල් හෝ අලිගැටපේර
ඉදුණු කෙසෙල්ගෙඩියක් හරි නැත්නම් අලිගැටපේර ගෙඩියක් අරගෙන ඒක පොඩි කරගන්න. පොඩි කරගෙන අත්වල සහ කකුල්වල ආලේප කරලා විනාඩි 20ක් වියළෙන්න තියන්න.
විනාඩි 20කට පස්සේ සෝදලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් Apply කරන්න. මේ සත්කාරය සතියට දවස් 3ක් කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵලයක් ඉක්මනටම ගන්න පුළුවන්.
සීනි සහ ඔලිව් තෙල් ස්ක්‍රබ්
සීනි මේස හැඳි 2කට, ඔලිව් තෙල් මේස හැඳි දෙකක් දාලා මිශ්‍ර කරන්න. හැබැයි සීනි දියවෙනකන් දිය කරන්න එපා. සීනිවල කැට ගතිය තියාගෙන ගොඩක් දිය නොවෙන්න මිශ්‍ර කරලා ස්ක්‍රබ් එක හදාගන්න.
ඊටපස්සේ ඔයාගේ හම ගිහින් තියෙන අත්වල කකුල්වල හදාගන්න ස්ක්‍රබ් එක ආලේප කරලා ස්ක්‍රබ් කරන්න. ගොඩක් තදට ස්ක්‍රබ් කරන්න එපා. මෘදු විදිහට කවාකාරව ස්ක්‍රබ් කරන්න.
මේ ස්ක්‍රබ් එක සතියට දවස් දෙකක් පාවිච්චි කරන්න.
පෙට්‍රෝලියම් ජෙල් සහ ලෙමන් යුෂ
පෙට්‍රෝලියම් ජෙල් තේ හැන්දකට ලෙමන් යුෂ බින්දු 3ක් දාලා මිශ්‍ර කරන්න. හදාගත්ත මිශ්‍රණය රෑට නිදාගන්න කලින් අත්වල කකුල්වල ආලේප කරලා උදේට සෝදා හරින්න.
මේ දේවල් කරනවට අමතරව හොඳට වතුර බොන්න, ඒ වගේම තෙත් සහිත ප්‍රදේශවල පාවහන් නොමැතිව ඇවිදින්න එපා. මොකද එහෙම ගියොත් දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. සැර Hand Sanitizers පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න.
(colombotimes.lk)