14 May 2026

logo

ට්‍රම්ප් සහ චීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ චීනයේ Great Hall of the People මන්දිරයේදීයි.
 
දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ ආරක්ෂක අංශ සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපති ට්‍රම්ප් ඇතුළු ඇමරිකානු දූත පිරිස මේ වන විට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙම ද්විපාර්ශවික සාකච්ඡා සඳහා ට්‍රම්ප් සමඟ ඇමරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ. 
 


(colombotimes.lk)