ගාසා හි සෞඛ්‍ය නිලධාරීන්ගේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඔක්තෝබර් 7 සිට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 4,324 ක් මිය ගොස් තිබෙනවා. ගාසා තීරයේ මියගිය ළමුන් සංඛ්‍යාවට අමතරව, සුන්බුන් යට ළමුන් 1,350 ක් පමණ අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ගාසා තීරය “දරුවන්ගේ සොහොන් බිමක්” බවට පත්වෙමින් ඇති බවයි.(colombotimes.lk)