02 April 2025


පොලීසියේ 140කට කෝටි 02ක තෑගි



යහපත්ව රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන්ව දිරිමත් කරමින් ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලිය මත මුදල් ත්‍යාග ලෙස රුපියල් දෙකෝටි හයලක්ෂ පන්දහසක මුදලක් නිලධාරීන් 140දෙනෙක් අතර බෙදාදී තිබෙනවා.

ඒ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේදීයි.

මෙරටදී සිදු වූ කොල්ලකෑම්, සොරකම්, මුදල් වංචා කිරීම්, පරිගණක අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ එම අපරාධකාරයන් හා බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට කටයුතු කළ නිලධාරීන්ව එලෙස ඇගයීමට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)