19 March 2025


රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (19) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 898,729.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (18) සටහන් වුණේ රුපියල් 892,676ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 232,550ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,070ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,750ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)