02 April 2025


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට



ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙක්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 4දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)