අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට අදාළ බැංකු ගිණුම් මඟින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එහි සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම රුපියල් මිලියන 1,314කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)