21 December 2024


ඇමති බංගලාවලින් අඩක් විදෙස් සංචාරකයන්ට



ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ පෞරාණික වටිනාකම් සහිත ඇමති බංගලා ඒ සඳහා වෙන් කරන බවයි.

ඒ අනුව එම ක්‍රියාමාර්ගය මඟින් වැඩි ආදායමක් උපයාගත හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

ඇමතිවරුන් වෙනුවෙන් කොළඹ වෙන්කර තිබූ බංගලා සංඛ්‍යාව 35ක් වන අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබාදී ඇති බංගලා ඔවුන්ට දිගටම ලබාදීමට අපේක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)