26 June 2025

logo

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්



බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම ලබාදී තිබෙනවා. 
 
ඒ අනූව ජූලි 2වනදා සිට විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරු 2කට, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරයෙක්ට, සහකාර අධිකාරීවරු 08කට සහ වැඩබලන සහකාර බන්ධනාගාර අධිකාරීවරු 5කට ස්ථාන මාරුවීම ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණ පදනම් කරමින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතාවය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත එම ස්ථානමාරු කිරීම සිදු කළ බවයි.



(colombotimes.lk)