ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වාරිකයේ සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡා වටය අද (11) අවසන් වීමට නියමිතව තිබෙනවා.
මෙම සකච්ඡා වෙනුවෙන් IMF නියෝජිතයන් සතියක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන් මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමඟ මෙන්ම රජයේ ආයතන කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා මාලාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවලින් අනතුරුව IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹෙනු ඇති බවට අපේක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 5වන IMF ණය වාරිකය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 335ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.
(colombotimes.lk)