ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420ක් වන අතර එය රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා.
මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351ක් වනවා.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇත්තේ එහි නව මිල රුපියල් 421ක් ලෙස සටහන් කරමින්.
(colombotimes.lk)