26 December 2024


ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අදයි



2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ආදායම් බදු වර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි.

ඒ සඳහා තාක්ෂණික සහය ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් හෙට (01) විවෘතව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තවද ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද විවෘතව තබන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)