18 March 2025


අනවසරයෙන් ධීවර කටයුතු කළ ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට



අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වු මුහුදු තීරයේදී ඊයේ (17) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී ධීවර යාත්‍රාවක් සමඟින් අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉන්දීය ධීවරයන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

(crictimes.lk)