colombotimes.lk
සිංහල | English

04 May 2024

පාස්කු ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 93කට එරෙහිව අධි චෝදනා



මීට වසර 5කට පෙර එනම් 2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා දිනයේ කතෝලික පල්ලි 3ක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් 3ක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බරුවන් පිරිසක් විසින් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කළා.

එමෙන්ම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලකින් බෝම්බ ප්‍රහාර වාර්තා වුණා.

කෙසේවෙතත් එම ආදාළ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 277ක් ජීවිතක්ෂයට පත් වුණේ කිසිවෙක් නොසිතු ලෙසින්.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් විසින් බව හඳුනාගෙන තිබුණත් තවමත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලැබී නැහැ.

2024 අප්‍රේල් 21 වනදා, එනම් අද දිනය වනවිට එම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර 5ක් ගතව අවසන්.

ඒ අනුව පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 93 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 43ක් ගොණු කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරමින් අද සඳහන් කර තිබෙනවා.

 
(colombotimes.lk)