ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ 3වන දිනය අද (04) ක්‍රියාත්මක වනවා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුලු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූ බවයි වාර්තා අවන්නේ.
සමුළුව අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ ඉන්දීය නියෝජිත පිරිස අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
ඒ සඳහා ඉන්දියාව නියෝජනය කරමින් එරට කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ උප ඇමති සහ ලේකම් මන්දනා ගුර්නානි ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා.
මෙම ඉන්දු - ලංකා ද්වීපාර්ශවීය සාකච්ඡාවේදී අවිධිමත් අංශයේ සමාජ ආරක්ෂණය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
එහිදී ඉන්දීය නියෝජිත පිරිස සඳහන් කළේ අවිධිමත් අංශයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සිය රටේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
(colombotimes.lk)