07 January 2025


2015 සිට ලබාදුන් ඉඩම් ගැන විමර්ශන අරඹයි



2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)