පොලීසිය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
එම මෙහෙයුමෙන් පුද්ගලයන් 1461දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් මත ආරක්ෂක නිලධාරීන් 14,000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදු කර තිබෙනවා.
එහිදී වාහන 46ක් සහ යතුරුපැදි 51ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ මෙම මෙහෙයුම හරහා අපරාධ සඳහා සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන් 107දෙනෙක් සහ ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයන් 07දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම හෙරොයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)