19 April 2025


ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි වෙයි



ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (10) ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයට සහ ලෙබනනයේ අල්මාට් ගම්මානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් ගාසා තීරයේ සහ ලෙබනනයේ  පුද්ගලයන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ පුද්ගලයන් 43,603 දෙනෙක් මෙන්ම ලෙබනනයේ 3,189 දෙනෙක් මියගොස් තිබෙනවා.

එම ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)