ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි අතර හමුවක් අද (07) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි සඳහන් කළා.
එමෙන්ම ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)