colombotimes.lk
සිංහල | English

23 September 2024


Travel Times | ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ගම්මානය



ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයක් තමයි කතරගම කියන්නේ. කතරගම, ශ්‍රී ලංකාවේ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයක්. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙනවා.

Kataragama, Yala National Park - Timings, History, Pooja & Aarti schedule,

කතරගම යන්නේ කොහොමද ?

ශ්‍රී ලංකවේ වාණිජ නගරය වෙන කොළඹ ඉදලා කි.මී. 228ක් දුරින් තමයි කතරගම පිහිටලා තියෙන්නේ.
ඔයා බස් එකේ කතරගම යන්න හිතාගෙන ඉන්නවා නම් කොළඹ කොටුවෙන් කෙලින්ම Southe Highway එකේ යන කතරගම බස් එකක නගින්න ඕනේ. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකෙන් බැහැපු ගමන දේවාලේ තමයි තියෙන්නේ.
ඒත් ඔයා කැමති කෝච්චියේ යන්න නම් කොටුව ස්ටේෂන් එකෙන් නගින්න ඕනේ, බෙලිඅත්ත ට යන කෝච්චියක. ඊට පස්සේ බෙලිඅත්ත ස්ටේශන් එකෙන් බැහැලා වෙන වාහනයක 84km ක් යන්න ඕනේ.

Kataragama, the Sacred City | Travel Destination Sri Lanka

කතරගම සුන්දරත්වය

අතීතයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වට වූ කුඩා නගරයක් විදියට පැවතුණ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වෙන කිරිවෙහෙර පිහිටලා තියෙනවා.

කතරගම තියෙන සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථානයක් විදියට අපිට කිරිවෙහෙර හදුන්වන්න පුළුවන්.
ඒ වගේම තමා ආගම භේදයකින් තොරව දෙස්විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනාගත් ස්ථානයක් විදියට කතරගම දේවාලය හදුන්වන්න පුළුවන්.

Kataragama Images – Browse 288 Stock Photos, Vectors, and Video | Adobe  Stock

කතරගම දේවාලය කියන්නේ කතරගම දෙවියන් විදියට හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයක්. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතරින් එකක් වන එයට ශ්‍රී ලංකීය බෞද්ධයන් බහුතරයක්, දෙමළ, හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව ද පුද පූජා පවත්වනවා.

ඒ වගේම තමයි මුස්ලිම් පල්ලියක් සහ මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයකුත් මේ අසල පවතිනවා.
වර්ථමානයේ කතරගමට සංචාරය කරන ගොඩක් අය භාවිතා කරන්නේ මෝටර් රථයි. එත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරනවා.

A drive along Buttala-Sella Kataragama Road

Special Note

ඔයා කැමති වෙලාවක කතරගම ගිහින් වන්දනාමාන කරලා කතරගම සුන්දරත්වය විදගෙන එන්න පුළුවන්.
සංචාරක ආකර්ෂණය වැඩිම නගරයක් නිසා කෑම බීම, නවාතැන් පහසුකම් ගැන නම් කරදර වෙන්න අවශ්‍ය නෑ. ඔබට ලේසියෙන් ඒ දේවල් කතරගම අවටින්ම හොයාගන්න පුළුවන්.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)