19 January 2025


ධීවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්



කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළන් සහ රළු මුහුද පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැකි බවයි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්,



(colombotimes.lk)