19 January 2025


ගන්දර බස් අනතුරින් තුවාල ලැබූ ගණන ඉහළට



ගන්දර පොලිස් වසමේ තලල්ල ප්‍රදේශයේදී අද (19) උදෑසන බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 62ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔවුන් සියදෙනා මේ වන විට මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අතරට කාන්තාවන් 32ක්, වයස අවුරුදු 26ක නෙදර්ලන්ත ජාතිකයෙක් ඇතුළු පිරිමි පුද්ගලයින් 27ක් සහ ළමුන් තිදෙනෙක් ඇතුළත්.

මෙම අනතුර සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)