පසුගිය 15වනදා අත්අඩංගුවට ගත් දකුණු කොරියානු හිටපු ජනාධිපති යුන් සොක් යෝල්ගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එරට අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විසින් එම විරෝධතාවය අතරතුර අධිකරණ ගොඩනැගිල්ලට කඩාවැදී එහි දේපලවලටද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු කොරියාව තුළ යුධ නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මතුවූ විරෝධය හමුවේ ඔහුට සිය ධූරය අහිමි වුණා.
(colombotimes.lk)