colombotimes.lk
සිංහල | English

03 May 2024

කෙන්යාවේ හමුදා ප්‍රධානියා හෙලිකොප්ටර් අනතුරකින් මිය යයි



කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන් කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී අනතුරට ලක් වී තිබෙනවා.  

එම අනතුරෙන් දිවි ගලවා ගෙන ඇත්තේ දෙදෙනෙක් පමණක් බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාව කෙන්යාවට ඉතා ශෝකජනක අවස්ථාවක් බව එරට ජනාධිපති විලියම් රූටෝ ප්‍රකාශ කළා.

(colombotimes.lk)