colombotimes.lk
සිංහල | English

22 June 2024

කොදෙව්- ශ්‍රී ලංකා පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.  

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 195ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 198ක් ලබා ගෙන ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
(colombotimes.lk)