මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 10ක් පමණ සිරවී තිබෙනවා.
ඒ තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන්.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිරවී ඇති බවයි.
තැපැල් වෘත්තීය සමිත් සිදු කරන වර්ජනයෙන් ලිපි හා පාර්සල් බෙදාහැරීම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්යාල අනුබද්ධ සියලුම සේවාවන් ඇණහිට තිබෙනවා.