26 July 2025

logo

ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි



දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ අද (25) පාර්ලිමේන්තුවේදීයි.

මෙම ඖෂධ අලෙවිසැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙසේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වසර ආරම්භයේ සිට ජූලි මස 18වනදා දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඖෂධශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබාදීමට පියවර ගත් බවයි. 

(colombotimes.lk)