වයස අවුරුදු 14ක් වූ සමාජ මාධ්‍ය තරුවක් හදිසියේ මියගොස් තිබෙනවා.
ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රියව තිබුණේ රැප් ගායනය සම්බන්ධයෙන් වීම විශේෂත්වයක්.
Lil Tay යන අන්වර්ථ නාමයෙන් ඇය සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධියක් උසුලා තිබුණා.
නමුත් ඇයගේ සැබෑ නාමය Claire Hope ලෙසයි සඳහන් වන්නේ.
වයස අවුරුදු 9දී ඇය සිදුකළ වීඩියෝවක් හරහා සමාජ මාධ්‍ය පුරා ජනප්‍රියත්වයට පත්වීමට ඇයට හැකියාව ලැබුණා.
නමුත් 2018 වසරේ සිට ඇයගේ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර නොතිබූ බව සඳහන්.
පසුව මෙසේ ඇයගේ මරණය හදිසියේ නිවේදනය කිරීම පුදුම සහගත බවයි ඇයගේ රසිකයින් පැවසුවේ.
(colombotimes.lk)