26 December 2024


ලොහාන් සහ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්



නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුගේ බිරිඳ නොවැම්බර් 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.  

(colombotimes.lk)