colombotimes.lk
සිංහල | English

03 May 2024

මහින්දට යළිත් බලයක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැවරීමට දේශපාලන මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී පැවැත්වුණා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද සහභාගිවී ඇති අතර, එය පැයක පමණ කාලයක් පැවති බව වාර්තා වනවා.

(colombotimes.lk)