10වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් තේරී පත් වී තිබෙනවා.
ඒ එම සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීයි.
මේ අතර ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් තේරී පත්වී තිබෙනවා.
(colombotimes.lk)