05 April 2025


මෝදිගේ නිල පිළිගැනීමේ උත්සවය නිදහස් චතුරශ්‍රයේදී



තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (05) පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (04) සවස් කාලයේදී දිවයිනට ළඟා වුණා.

එහිදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.

(colombotimes.lk)