12 July 2025

logo

ඇමරිකාවට දුන් චීනයේ පිළිතුර නිසා බොරතෙල් මිල සෙලවෙයි



2021 වසරෙන් පසුව ලෝක බොරතෙල් මිල පළමුවරට අද (04) 8%කින් පහත වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවට තීරු බදු පැනවීම එලෙස බොරතෙල් මිල පහළ යාමට හේතු වී ඇති බවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බද්දක් පැනවීමට තීරණය කළා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ එම තීරණයට ප්‍රතිචාර දක්වමින් චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා 34%ක තීරු බද්දක් පනවන බව ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)