06 February 2026

logo

කාලගුණයෙන් රතු එළියක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටත් මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සවස් කාලයේදී මිලිමීටර 100ට වැඩි තද වැසි සමඟ තද සුළං හා අකුණු ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සුළං හා අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


(colombotimes.lk)