ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඊයේ (20) මධ්‍යහන 12 දක්වා නාමයෝජනා භාර ගැනීම් දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිදු කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ එහිදී පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම් සිදුකළ බවයි.
ඒ අනුව 2,900කට ආසන්න කණ්ඩායම් ප්‍රමාණයක් මෙම පළාත් පාලන ආයතන සඳහා තරග වදින අතර බවත් ඉන් දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති කණ්ඩායම් ප්‍රමාණය 2,260කට ආසන්න වන බවත් ඔහු සඳහන් කළා.
මේ නාමයෝජනා පත්‍ර අතරින් 425කට ආසන්න නාමයෝජනා පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
(colombotimes.lk)