සංවිධානාත්මක අපරාධ කල්ලිවලට යතුරුපැදි සොරකම් කර ලබාදෙන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුමකදීයි.
ඔහු පසුගිය සති කිහිපය තුළ යතුරුපැදි 07ක් සොරාගෙන තිබෙනවා.
සොරාගෙන ඇති යතුරුපැදිවලින් යතුරුපැදි 3ක් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ සේවය කර තිබෙනවා.
සැකකරුගේ වයස අවුරුදු 42ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)