09 February 2025


IPL ප්‍රසාද ලකුණු සටහනේ මුම්බායි පිළ හත්වන ස්ථානයට



මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ (11) පැවැත් වුණා.

කඩුලු 7 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ලකුණු 197ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 15 පන්දු 3 කදී කඩුලු 3ක් දැවී ලකුණු 199ක් රැස් කළේ, හර්දික් පාණ්ඩ්‍යා තරගයේ ජයග්‍රාහී හයේ පහර එල්ල කිරීමත් සමඟයි.

එමෙන්ම ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.
(colombotimes.lk)