colombotimes.lk
සිංහල | English

08 September 2024


ශ්‍රී ලංකා සංචිතයේ තුන්වෙනියත් එළියට



ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් වන බිනුර ප්‍රනාන්දුට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ ඔහුට උණ රෝගය වැළඳීම හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා T20 සංචිතයට ආරක්‍ෂක පියවරක් ලෙස තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.

අබාධ හේතුවෙන් දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර යන ක්‍රීඩකයන් දෙදෙනාට ද ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. 

(colombotimes.lk)