18 July 2025

logo

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය විවෘත වෙයි



මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (17) පෙරවරුවේ විවෘත කර තිබෙනවා. 

මෙය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරාදීමෙන් පසු එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබෙනවා. 

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාරම්පරික කර්මාන්ත පිළිබඳ  ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබෙනවා. 

(colombotimes.lk)