colombotimes.lk
සිංහල | English

22 June 2024

ඉදිරි ජනාධිපතිවරයා ගැන නලින් කියයි



ඉදිරි මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් සජිත් ප්‍රේමදාස විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සහතික බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඉදිරි මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණය පමණක් නොව වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් ජනාධිපතිවරයා වන්නේද සජිත් ප්‍රේමදාස බව ඔහු ප්‍රකාශ කළා.

සජිත් ප්‍රේමදාස දෙවන අපේක්ෂකයාට වඩා අවම වශයෙන් වැඩි ඡන්ද ලක්ෂ 30ක් ලබා ගනු ඇති බව තමා විශ්වාස කරන බව මන්ත්‍රීවරයා කියා සිටියා.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

(colombotimes.lk)