25 June 2025

logo

නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය ස්වාධීන කණ්ඩායමකට



නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායම් විසින් පිහිටුවීමට අද (25) සමත් වී තිබෙනවා. 
 
එම නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් පී. කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද (25) පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී සභාපති ධූරය සදහා ඡන්ද 09ක් ලබාගෙන පත් වුණේ ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ තේරී පත්වූ හිටපු සභාපති අමල් ප්‍රියංකරයි. 
 
උප සභාපතිවරයා ලෙස ඡන්ද 09 ක් ලබාගත් ස්වාධීන කණ්ඩායම් අංක 01න් තරග කළ කරුපප්නන් සුරේෂ්වරන් පත්වී තිබෙනවා. 

(colombotimes.lk)