මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයන් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි.
දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයන් 250,000ක් පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කර තිබෙනවා.
එහි සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කළේ සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවයි.
එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන 2ක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වන බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)